• July 24, 2020
  • sys_admin
  • 37

නිදහස් හා සාධාරණ මැතිවරණයක් සදහා ජනතා දැනුවත් කිරීමේ වැඩසටහන .

මැතිවරණ සමයේ සිදුවන  ප්‍රචණ්ඩ ක්‍රියා සහ අවභාවිතයන් පිළිබද සිවිල් සමාජයට අවබෝධය ලබා දීම සදහා රුහුණු රාජ්‍ය නොවන සංවිධාන බල මණ්ඩලය සහ නිදහස් හා සාධාරණ මැතිවරණයක් සදහා වූ ජනතා ව්‍යාපාරය (CaFFE ) එක්ව දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී . 2020 පැවැත්වීමට නියමිත මහමැතිවරණය මුලික කරගනිමින් 2020 ජුලි 24 වෙනිදා The Pub හෝටලයේදී මෙම වැඩසටහන පැවැත්වුනි .

මෙහිදී මැතිවරණ ප්‍රචාරණ කටයුතු සිදු කිරීමේදී සිදුවන අවභාවිතයන් පිළිබද ජනතාව දැනුවත් කරන ලදී . එවැනි කටයුතු වලදී ගත හැකි නීතිමය පියවරයන් පිළිබද දැනුවත් කරන ලදී .මෙම වැඩසටහන සදහා සංසද සාමජික සංවිධාන වල නියෝතියන සහභාගී විය .මේ සදහා සම්පත් දායකයන් ලෙස CaFFE ආයතනයේ අධ්‍යක්ෂිකා සුරංගි අරියවංශ මිය සහ අරවින්ද ඉන්ද්‍රජිත් මයා සහභාගී විය .