• October 26, 2017
  • sys_admin
  • 140

මාතර දිස්ත්‍රික් සිවිල් සමාජ සංවිධාන සම්මේලනය

දිස්ත්‍රික්කයේ සියලුම සිවිල් සංවිධාන රැස්ව පැවැත්වූ මාතර දිස්ත්‍රික් සිවිල් සමාජ සංවිධාන සම්මේලනය 2017 ජුලි 26 දින මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි .

මෙහි අරමුණ වුයේ දිස්ත්‍රිකයේ සිවිල් සංවිධාන අතර අන්තර් සම්බන්ධතාව ගොඩනගා ගැනීම සහ සුහදත්වය වර්ධනය කර ගැනීමයි .මෙහි ආරම්භක සභාපති ලෙස පුජ්‍ය යටමත්තේ විපස්සි හිමි වන අතර ලේකම් තනතුරට පත් වුයේ රුහුණු රාජ්‍ය නොවන සංවිධාන බල මණ්ඩලයේ සභාපති වෙල්ලාල මහතා වන අතර භාණ්ඩාගාරික ලෙස කොන්රඩ් රණවක මහතා(රුහුණු රාජ්‍ය නොවන සංවිධාන බල මණ්ඩලයේ හිටපු සභාපති )පත් විය.මෙම වැඩසටහන තුලින් දිස්ත්‍රික්කයේ සිවිල් සංවිධාන තුල ඇති නව අදහස් සහ ගැටළු සාකච්ඡාවට බදුන් විය.