• June 24, 2017
  • sys_admin
  • 0

පාරිසරික සංරක්ෂණ වැඩසටහන

කෘෂි රසායන හා කෘමි නාශක භාවිතයෙන් පරිසරයට වන හානිය පිළිබද දැනුවත් කිරිම සහ පරිසර හිතකාමී වගා ක්‍රම පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනක් 2017 වසරේ මැයි මස පැවැත් වූ අතර මේ සදහා සංවර්ධන පහසුකම් සැලසීමේ මධ්‍යස්ථාන අනුග්‍රහය දක්වන ලදී . සම්පත් දායකයන් ලෙස S .G සෙනරත් ගොවිජනසේවා මහතා සහ විශ්‍රාමික කෘෂි උපදේශිකා ජයසිංහ මිය සම්බන්ධ විය .

ව්‍යාපෘතියේ අවශ්‍යතාව 
ප්‍රදේශයේ විශාල වශයෙන් වී ගොවිතැන කෙරෙහි නැඹුරු වූ පිරිසක් ජීවත් වේ. නමුත් මීට අමතරව එළවළු /පළතුරු /ස්වයං රැකියාවන්හි නිරත අයද තෝරාගත් පිරිස අතර කිහිප දෙනෙක් විය .ඉන් 20%ක් පමණ කාබනික ගොවිතැන කරනු ලබයි . 80% පිරිසක් ගොවිතැනට නැඹුරු බවක් දැක්වීය.ඔවුන්ගෙන් ලබාගත් තොරතුරු අනුව ,
අස්වැන්න අඩු බව
රෝග වැළදීම .
පිටි මකුණන් බෝ වීම .
කොළ කොඩ වීම .
ශාක වල ආයුෂ අඩු වීම .

මෙම ගැටළු සදහා කොම්පෝස්ට් පොහොර භාවිතය , ජීව මුත්‍රම් , ජීව අගුරූ , දසපර්ණ කසාය ඉතා සුදුසු බව පෙන්වා දුන අතර , එම ක්‍රම වලට ගොවි මහතුන් කැමැත්තක් දැක්වූ බව ඔවුන්ගේ ප්‍රතිචාර අනුව පෙනී ගිය කරුණක් විය .

මෙම වැඩසටහන අවසානයේ  පැමිණ සිට සියලුම ගොවි මහත්ම මහත්මීන්ට බීජ පැකට්  ලබා දෙන ලදී . මෙම වැඩසටහන මාතර , මුලටියන, දෙයියන්දර යන ප්‍රදේශ වල   පවත්වනු ලැබුනි .


වැඩසටහන පිළිබද දැනුවත් කරමින් .